How to relax – practical simple instructions for the quick meditation. No need to clear mind completely. Do simple things like reading a book. Listen to the soft music. Smiling also a good simple practice. Research found dancing activities help quickly to balance the mental health.
සෑම දිනකම ඔබේ මනස ශක්තිමත් කිරීමට සරල පහසු ක්‍රම 7 ක්
ඔබ සිවිලිම දෙස බලමින් ඇඳේ වැතිර සිටී.
ඔබේ ඇස් වසාගෙන හැකි ඉක්මනින් නින්දට යා යුතු බව ඔබ දන්නව.නමුත් කාරණයක් තිබේ.
ඔබට ඔබේ ඇස් වසා ගත නොහැක. නොයෙකුත් දේවල් සිතට එනවා. සිත සංසුන් නෑ.
ඔබට වෙහෙස බවක් දැනේ. නමුත් ඔබේ මනස සැහැල්ලු කර ගැනීමට ඔබට කිසිවක් කිරීමට අදහසක් නැත.
මිනිත්තු කිහිපයකට පෙර ඔබ බලමින් සිටි ජංගම දුරකථනය නැතහොත් පරිගණකය වෙත ආපසු යා යුතුදැයි ඔබ කල්පනා කරයි.
“ලෝක ස්වභාවය අනුව බලාපොරොත්තු වූ පරිදි සෑම දෙයක්ම නියමිත වේලාවට අවශ්‍ය විදියට සිදුනොවේ”,
යමක් ගැන එහෙම නැත්නම් ප්‍රශ්නයක් ගැන වැඩි වැඩියෙන් සිතන තරමට, ඔබ ඒ තුල ගීලියයි.
කළ යුතු වැඩ වැඩි වන අතර ඔබට යම් යම් දේ අහිමි වූ බවක් දැනෙන්නට පටන් ගනී.
කොතැනින් පටන් ගත යුතු දැයි ඔබට අදහසක් නැත.
ඔබ වෙහෙසට පත්ව සිටින බවක් දැනේ. ඔබට නැගිට නැවත මොනවා හරි කරන්න සිතෙයි.
සිදුවුයේ කුමක් ද? ඔබට මේ ආකාරයට දැනෙන්නේ ඇයි?
කාරණය නම්,
ඔබගේ වැඩ, ආතතිය හා පීඩනය නිසා.
සාමාන්‍යයෙන් ගත වෙහෙසවූ විට ඔබට නිවාඩුවක් අවශ්‍යයි. ඔබේ මනසද එසේමය.
මනස වෙහෙසට පත්වූ විට, ඔබේ ශරීරය ලිහිල් කිරීමට සහ ඔබේ මනස යථා තත්වයට පත් කිරීමට ඔබට නිවාඩුවක් ගැනීම අත්‍යාවශ්‍ය වේ.
පහත දැක්වෙන සරල ක්‍රම මගින් ඔබට සෑම දිනකම ඔබේ මනස යථා තත්වයට පත් කළ හැකිය.
ඔබේ මනස යථා තත්වයට පත් කිරීමට ආරම්භ කරන්න.
1. සඟරාවක් පොතක් කියවන්න. මෘදු සංගීතය රසවිඳින්න
ඔබේ මනස යථා තත්වයට පත් කිරීම සඳහා හොඳ ක්‍රමයක් නම් ලිවිම, කියවීම සහ සංගීතය රසවිඳීමයි.
ඔබට කරදර කරන සහ ආතතියට පත්වන සෑම විටම ඒ පිළිබඳව කුමක් හෝ ලියන්න.
ඒවා ඔබට බලපාන හේතුව ලිවීමට පුළුවන් නම් තවත් හොඳයි. ඔබ ඒවා ලියා තැබූ පසු කුමක් සිදුවේද?
ඔබේ ගැටළු පිළිබඳ ඔබේ දෘෂ්ටිකෝණය, විඳවන්නාගේ සිට නරඹන්නා දක්වා වෙනස් කළ හැකිය.
තවද හොඳ පොතක් කියවීමෙන් සහ මෘදු සංගීතය රසවිඳීමෙන් ඔබේ මනෝභාවය වැඩි දියුණු කරනවා.
ඒ පමණක් නොව ඔබේ මනසද පිරිසිදු කරයි. මන්ද එය ඔබේ අවධානය වෙනතකට යොමුකරන අතර ඔබ සන්සුන්ව තබයි.
2. සිනහව
එය ඔබට මෝඩකමක් ලෙස පෙනෙන්නට පුළුවන, නමුත් සිනහවෙන් ඔබේ මනෝභාවය ඉහළ නංවයි.
ඔබේ මොළයේ තත්වය කම්මැලි සහ මානසික අවපීඩනයෙන් පෙළෙන අවස්ථාවල ප්‍රීතිමත් තත්වයකට පත්වීමට සිනහව උදව්වේ.
ඔබට සතුටක් දැනෙන්නට පටන් ගනී.
ඔබට දාමයක් මෙන් යම් යම් දේවල් සිදුවනු ඇත.
ඔබේ මොළය එන්ඩෝර්ෆින් සහ සෙරොටොනින් ඔබේ රුධිරයට මුදා හරි.
ඒ අතර ඔබේ මුළු සිරුරම ලිහිල් කර ක්‍රම ක්‍රමයෙන් හෘද ස්පන්දන වේගය අඩු කරයි.
එබැවින් ඔබ වෙහෙසට පත් වුවද, ඔබේ කැඩපත වෙත ගොස් ඔබට හැකි තරම් සිනාසෙන්න. ඔබ වැඩි වැඩියෙන් සිනාසෙන තරමට ඔබට සැහැල්ලුවක් දැනෙනු ඇත. යාලුවෙක් පවුලේ කෙනෙක් සමග කතාකරන්න. සිනාවෙන්න පුළුවන් දේවල් කතා කරන්න.
3. භාවනා කල හැකිනම් පටන් ගන්න.
භාවනා කිරීම යනු ඔබ නමැති බැටරිය නැවත ආරෝපණය කර ගැනීම වේ.
එමගින් ඔබේ ස්නායු සන්සුන් වේ. ආතතිය අඩු කිරීමටත් හොඳ ක්‍රමයක් වේ.
එය ඔබේ මනස නිරවුල් කර ගැනීමට සහ ඔබ සතුව තිබූ වියවුල් තත්වයෙන් ඉවත් වීමට උපකාරී වේ.
විශේෂයෙන්ම ඔබට භාවනාව පිළිබඳව දැනුමක් නැතිද? හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව අවධානය යොමුකරමින්වත් මිනිත්තු 5 ක් පමණ භාවනා කරන්න පටන් ගන්න.
සුව පහසු ආසනයක් සකස්කර ගන්න, ගැඹුරු හුස්මක් ගෙන සෙමින් පිටකරමින් ඔබේ හුස්ම ගණන් කිරීමට පටන් ගන්න.
4. ව්‍යායාම කරන්න
ව්‍යායාමයේ ඇති හොඳම දේ එය බර අඩු කර ගැනීමට ඔබට උපකාරී වනවා.
නමුත් ව්‍යායාම කිරීම මගින් ශරීරය ප්රබෝධයට පත්වෙනවා.
ඔබ ව්‍යායාම කරන විට, මෘදු ව්‍යායාමයක් වුවද, ඔබේ ශරීරයෙන් සෙරොටොනින් නිකුත් කරයි.
මානසික ආතතිය අඩු කිරීමට සහ වේදනාව මුදා හැරීමට එය උපකාරී වෙන බව පරීක්ෂණ වලින් තහවූරු කර ඇත.
එබැවින් ඔබ කැමති ව්‍යායාමයක් හෝ ක්‍රියාකාරකමක් තෝරාගෙන එය නිතර නිතර කරන බවට වග බලා ගන්න. අවම වශයෙන් ඔබගේ විවේක කාලය අතර ඔබේ වැඩ කරන දිනවල පවා මිනිත්තු කිහිපයක් ඇවිදීම වුවද කළ හැකිය.
5. සොබාදහමට යන්න
අප සියලු දෙනාටම ස්වභාව ධර්මය කෙරෙහි වැඩි ඇල්මක් ඇත. වැඩි වශයෙන් හෝ අඩුවෙන්, එයට කැමැත්තක් අපගේ සහජ බුද්ධියේ ඇත.
සමහර විට ඔබට අවශ්‍ය වන්නේ සොබාදහම සමග නිදහසේ හුස්ම ගැනීමේ කටයුත්තක් විය හැකිය.
සියලු ආතතිය, දුක් වේදනා සහ ශෝකය අතුගා දැමීමට එය ආරම්භයක් විය හැක.
අපට සෑම විටම ස්වභාව ධර්මය සමග සහ එයට ප්‍රවේශ වීමට ක්‍රමයක් නැති වීමටත් පුළුවන්.
අපගේ සේවා ස්ථානයේ සහ අපේ නිවෙස්වල ගස්කොලන් සහිත ස්ථානයක් සොයා ගැනීම වුවත් සුදුසයි.
ඔබ වෙහෙසට පත්ව සිටින විට, සුළු විවේකයක් ගෙන ඔබේ ස්වාභාවික පරිසරය සමග මොහොතක් ගත කරන්න. හොඳින් ආශ්වාස ප්රාශ්වාස කරන්න.
6.නර්තනය
මෙය ඔබට අමුතු දෙයක් ලෙස පෙනීමට පුළුවන්.
නමුත් නර්තනයෙන් ඔබේ මනෝභාවය ක්ෂණිකව ඔසවා ඔබේ ආතතිය දුරු කළ හැකිය.
ඔබේ ශරීරය සංගීතයේ රිද්මය තුළ චලනය වීමට පටන් ගන්න. ඔබේ පපුවේ තිබෙන බර සැහැල්ලුවිම ආරම්භ වෙනු ඇත.
ඔබ මීට පෙර කවදාවත් නටන්නේ නැත්නම්, මෙය උත්සාහ කිරීමට ඔබ සිතන්නේවත් නැත.
ඔබ නටන්නේ නැති නිසාත්, ඔබ නටන්නේ කෙසේදැයි නොදන්නා නිසාත් ය. නමුත් කාරණය නම්, ඔබට නටන්න දැනුමක් අවශ්‍ය නැත.
නර්තනයක් යනු සංගීතය සමග සැහැල්ලු ක්‍රියාකාරකම්වල එකතුවකි. ශරීරය චලනය කිරීමකි. ඔබට වෘත්තීය නර්තන ශිල්පියෙකු මෙන් නටන්න අවශ්‍ය නැත. ඔබ සංගීතයට සවන් දී ශරීරය චලනය ප්‍රමාණවත්.
7. තාක්ෂණයෙන් යම් කාලවේලාවකට ඉවත් වෙන්න
ඔබට කොපමණ භාවිතා කලත් ප්‍රමාණවත් නොවිය හැකි එක් දෙයක් වන්නේ ඔබේ දුරකථනයයි.
සමහර විට ඔබ එයට ඇබ්බැහි වී ඇත.
සමහර විට එසේ නොවන්නටත් පුළුවන්. නමුත් ඔබ ප්‍රමාණයට වඩා ඔබේ දුරකථනයේ වැඩි කාලයක් ගත කරන බව ඔබ දන්නවා.
ඔබ වෙහෙසට පත්ව සිටින විට, ඔබේ මනස සැහැල්ලු කර ගැනීම සඳහා කුණු කසළ ප්රවෘත්ති කිහිපයක් කියවයි.
ඔබ බොහෝ විට අවසන් වන්නේ ඔබ පෙරට වඩා වෙහෙසට හා අලසකමට පත්වෙලාය.
අද සමාජ ජාලා වල ඇති දේවල් 75% ක් පමණම ඔබ කනස්සල්ලට, භීතියට, කලකිරීමට පත්වෙන වැඩකට නැති දේවල්ය.
කාරණය නම්, ඔබ ඔබේ දුරකථනය භාවිතා කරන විට, ඔබේ මොළය විවේක ගන්නේ නැත.
එපමණක්ද නොව, ඔබගේ දුරකථනයෙන් ලැබෙන ආලෝකය ඇස්වලට අහිතකරවේ. අපහසුවේ.
ඔබ වෙනුවෙන් කැපවීමක් කරන්න. ඔබගේ දින දර්ශනයේ තාක්ෂණයෙන් තොර කාලයක් ගත කරන්න.
එබැවින් සිතාමතාම දුරකථනය හෝ පරිඝනකයෙන් යම් කාලයකට ඉවත්වී විවේකයක් ගන්න.
ප්‍රකෘතිමත් වීමේ සහ විවේකයේ බලය කිසි විටෙකත් අවතක්සේරු නොකරන්න.
ඔබට දිගු වේලාවක් ධාවනය කිරීමට නම්, ඔබට විවේක ගැනීමට සහ සුවය ලැබීමට ප්‍රමාණවත් කාලයක් ගත යුතුය.
එය ඔබේ මනස නැවත සැකසීමට, ඔබේ ශක්තිය යථා තත්වයට පත් කිරීමට සහ ඔබේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ.
නින්ද හා විවේකය කාලය නාස්ති කිරීමක් ලෙස නොසිතන්න.
එයට නිසි වේලාවක් ලබා දී එය දිනපතාම ඔබව සුව කිරීමට කිරීමට ඉඩ දෙන්න.
සාර්ථකත්වය තිරසාර ලෙස ඔබ සමඟ පැමිණිය යුතුය.
ඒ සඳහා ඔබේ ශරීරය සහ මනස සූදානම් කිරීමට වග බලා ගන්න.
දම්ප්රිය ගුණවර්ධන
