සැම දක්ෂ අලෙවිකරුවෙකුටම දක්ෂ නායකයෙක් විය නොහැක. නායකයෙකු තුල ප්‍රධාන වශයෙන් අලෙවි කුසලතා මෙන්ම අනිවාර්යයෙන්ම නායක කුසලතාද තිබිය යුතුය, ඇතිකර ගත යුතුය.
කණ්ඩායම් කළමනාකරු යනු සේවකයින් පිරිසකගේ නායකයා වන අතර සමාගමක් තුළ එක් විකුණුම් කණ්ඩායමක දෛනික මෙහෙයුම් අධීක්ෂණය කරන්නෙකු වෙයි. මෙම නායකයින් ඔවුන් කළමනාකරණය කරන කණ්ඩායමට අනුරූප වන පුළුල් පරාසයක රාජකාරි ඉටු කළ යුතුය.
කණ්ඩායම් නායකයා විකුණුම් මාර්ගය අධීක්ෂණය කරන අතර, කාර්යාලයේදී හා ක්‍ෂේත්‍රයේදී තම අලෙවිකරුවන් පුහුණු කිරීම සහ අධීක්ෂණය කරනු ඇත.
තම කණ්ඩායමේ දෛනික සැලසුම් කිරීම, ගැටළු විසඳීම සහ ක්‍ෂේත්‍ර කටයුතු ක්‍රියාත්මක කිරීම කණ්ඩායම් කළමනාකරුගේ ප්‍රධාන කාර්යය වේ. තම කණ්ඩායම තම සමාගමට අවශ්‍ය ව්‍යාපාර හෝ සේවාවේ අරමුණු අනුව ඉහල මට්ටමින් සපුරාලන බවට සහතික කල යුතුය.කණ්ඩායමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා, නායකයා කණ්ඩායමේ පුද්ගලයින් සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කරයි.
එනිසා සන්නිවේදන කුසලතා අත්‍යවශ්‍යවේ.නායකත්ව කුසලතා සහ ගැටළු හදුනා ගැනීමට සහ ඒවාට විසඳුම් ලබා දීමට ඇති හැකියාව ද මෙම තනතුරේ ප්‍රධාන කොටස් වේ. විදේශීය රටවල බොහෝ රක්ෂණ සමාගම් වලට නායකයෙක් වීමට උපාධියක් අවශ්‍ය වුවද, ශ්‍රී ලංකාවේ කළමනාකරු තනතුර සඳහා පළපුරුද්ද බොහෝ විට සලකා බැලේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂ කණ්ඩායම් කළමනාකරුවන් මාසයකට අවම වශයෙන් රු.100,000 වඩා උපයා ගනී.
කණ්ඩායම් කළමනාකරුවන් ඔවුන්ගේ කණ්ඩායම් සාමාජිකයින්ගේ එදිනෙදා කටයුතු සහ මග පෙන්වීමට වගකිව යුතුය. කණ්ඩායම් කළමනාකරු ඉලක්ක නියම කරයි, මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරයි, සහ විකුණුම්කරුවන්ට ඇතිවිය හැකි ඕනෑම ගැටලුවකට සහාය වේ. කණ්ඩායම් කළමනාකරුවෙකු විසින් සියළුම සාමාජිකයින් කණ්ඩායමේ අරමුණු තේරුම් ගෙන එය සාක්ෂාත් කර ගැනීම සඳහා
එකට වැඩ කිරීම සහතික කළ යුතුය, උනන්දුකල යුතුය. කළමනාකරුගේ නිරන්තර අධීක්ෂණය සෑම දෙනාම එකම ඉලක්කයක් කරා ගමන් කරන බව සහතික කිරීමට උපකාරී වේ.
කණ්ඩායම කළමනාකරණය කිරීම සඳහා කණ්ඩායම් කළමනාකරුවෙකුට යම් යම් මූලධර්ම භාවිතා කළ හැකිය. එවැනි එකක් පිළිබඳව මෙහිදී තොරතුරු ඉදිරිපත් කරමි.
කළමණාකරුවෙකු විසින් සාමූහික, නිර්මාණාත්මක සහ සුවපහසු සේවා පරිසරයක් පෝෂණය කරනු ඇති අතර කණ්ඩායම තුළ ඇති ඕනෑම අන්තර් පුද්ගල ගැටළු වලට මැදිහත්වීම අවශ්‍ය වේ. අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ට නායකත්වය සහ මග පෙන්වීම සපයයි.
කණ්ඩායමේ ව්‍යාපාර උපාය මාර්ග,අනෙක් කණ්ඩායම් සමඟ වැඩ කිරීම, තාක්ෂණය භාවිතා කිරීම, සේවා ස්ථාන විවිධත්වය, කළමනාකරණ ශෛලීන්, සමථකරණය, කළමනාකරණය පිළිබඳව දැන සිටිය යුතුය.
නිශ්චිත පැවරුමක කාලසීමාව අනුව ඔවුන්ගේ භූමිකාවන් දිගු කාලීන හෝ ව්‍යාපෘති මත පදනම් විය හැකිය.
නිපුණතා – Skills
Self-Motivation
ස්වයං අභිප්‍රේරණයෙන් සිටින්න
Customer Oriented
ගනුදෙනුකරුවන් සඳහාම නැඹුරු වන්න
Trust
විශ්වාසදායක හා කාර්යක්ෂම වන්න
Prior Management Experience
පූර්ව කළමනාකරණ අත්දැකීම් ලබා ගන්න
Inter Personal Skills
විශිෂ්ට අන්තර් පුද්ගල කුසලතා ඇති කර ගන්න
Effective Time Management Skills
පලදායී කාලය සහ ව්‍යාපෘති කළමනාකරණ කුසලතා තිබීම
Responsible Effective Decision Making
වගකිවයුතු හා පලදායී තීරණ ගැනීමට හැකි වීම
Own Ambition to work
ස්වකැමැත්තෙන් වැඩ කිරීමට හැකි වීම.
Written and Oral communication skills
ලිඛිතව හා වාචිකව සන්නිවේදනය කිරීමට හැකියාව තිබිය යුතුය
Target oriented and ability to work business pressure environment
ඉලක්ක සපුරා ගැනීමට සහ අධි පීඩන පරිසරයක් හැසිරවීමට හැකි වීම
TEAM MANAGER JOB FUNCTIONS
Planning
You will develop a vision and build an annual plan to achieve your specific goals and objectives. A key project will help you to follow and achieve set plans and goals for the future.
ඔබ විසින් කලයුතු ඉලක්ක සහ අරමුණු වලින් සමන්විත දැක්මක් සහිත වාර්ෂික සැලසුමක් සකස් කිරීම. එවැනි ප්‍රධාන වැඩ පිළිවෙලක් ඔබගේ අනාගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට උදව් වෙනු ඇත.
Recruiting
You need to learn and implement to recruits with high potential using proven techniques of agent referral, warm nominators, and personal activity. You will develop approaches to these sources and learn successful alternate methods in your area as well.
ඉහල ප්‍රතිපලදායි බඳවා ගැනීමේ ක්‍රම වන උපදේශක නිර්දේශ ක්‍රමයන්, හොඳින් දන්නා සම්භාවනීය පුද්ගලයන් මාර්ගයෙන් සහ පුද්ගලික සොයා ගැනීම් පිළිබඳව ඉගෙන ගැනීම සහ ක්‍රියාත්මකවීම. මෙම බඳවා ගැනීම් සඳහා ක්‍රියාත්මකවීම සහ ඔබ ප්‍රදේශයට සාර්ථක විය හැකි විකල්ප බඳවා ගැනීමේ ක්‍රම සිදුකිරීම.
Selection
You will discover proven selection methods and develop a process that can help reduce agent turnover.
උපදේශකවරුන් රැකියාව හැරයාම අඩුකර ගැනීමේ අරමුණින් ප්‍රතිපලදායි නවකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් ඉගෙන ගැනීම සහ සකස් කර ගැනීම.
Training
You will learn training techniques that effect a change in behavior in your agents. Need to learn and develop skills in modern successful methods of setting training objectives, role-playing, fieldwork, training meetings, and clinics.
උපදේශකවරුන්ගේ හැදියාව රක්ෂණ වෘත්තියට ගැලපෙන ලෙස වෙනස් කර ගැනීමේ පුහුණු උපක්‍රම ඉගෙන ගැනීම. උපදේශකවරුන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමට, රඟ දැක්වීමේ පුහුණු උපක්‍රම, ක්‍ෂේත්‍ර පුහුණුවීම්, පුහුණු රැස්වීම් සහ උපදෙස් සායන පවත්වන පලදායි ක්‍රම ඉගෙන ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
Performance Management
Develop key supervisory skills and implement a proven problem solving process. manage activities and process of customize the development of your agents performance.
ප්‍රධාන සුපරීක්ෂණ කුසලතා, පලදායි ගැටළු විසඳීමේ ක්‍රියාවලිය, ක්‍රියාකාරකම් කළමනාකරණය සහ ව්‍යාපාර වර්ධනය කරගැනීමේ ක්‍රියා පටිපාටිය ඉගෙන ගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
විකුණුම් කණ්ඩායම් සාමාජිකයින්ට නිසැකවම ඔවුන්ට කණ්ඩායම් නායකයාගේ සහාය අවශ්‍ය වන අවස්ථා උදාවේ. එක් එක් කණ්ඩායම් සාමාජිකයන් සමඟ විකුණුම් ලිපිගොනු සමාලෝචනය කිරීමට, නිශ්චිත අපේක්ෂකයෙකුගේ මූල්‍ය හා පෞද්ගලික තොරතුරු ලබා දී ඇති විකුණුම් අවස්ථාවක් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක් ලබා දිය යුතු අතර, ඔහුගේ විකුණුම් ශිල්පීය ක්‍රම සමාලෝචනය කිරීමට ඔහු සමඟ හමුවීම් සායන පැවැත්වීම අවශ්‍යවේ.විකුණුම් කණ්ඩායම් එක් එක් සාමාජිකයාගේ මට්ටම දැනුවත්වීම සාමාජිකයාට මඟ පෙන්වීම සහ පුහුණුව ලබා දීමට මෙය ඔබට ඉඩ සලසයි, එවිට තනිවම සාර්ථකව වඩාත් පලදායී අයුරින් වැඩ කරනු ඇත.
විකුණුම් ප්‍රතිපල අනුව ඔබේ සාර්ථකත්වය මනිනු ලැබේ. එබැවින් ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රවණතා හඳුනා ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන් ඒවා නිරීක්ෂණය කල යුතුව ඇත
ඔබේ බඳවා ගැනීම් සහ පුහුණු උත්සාහයන් පලදායීද, හෝ ඉලක්ක සපුරා නැති කණ්ඩායම් සාමාජිකයින්ට විශේෂ අවධානයක් අවශ්‍යද නැතිනම් සංවර්ධනය කර ගත නොහැකි අය විකුණුම් සේවයෙන් ඉවත් කර වෙනත් රැකියාවක් ලබා දීමට අවශ්‍යද යන්න පිළිබඳ හෝඩුවාවන් සඳහා විකුණුම් ප්‍රතිපල සහ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කළ යුතුය.
රක්ෂණ කණ්ඩායම් නායකයාගේ කාර්යයට බොහෝ උපක්‍රම සහ ඉවසීම අවශ්‍ය වන අතරම ඉහලම මට්ටමේ සාමාජිකයාගේ සිට පහළම මට්ටමේ සාමාජිකයා දක්වා අධීක්ෂණය සහ අවධානය යොමු කල යුතුවේ..
ඔබේ කාර්ය මණ්ඩලයේ ආදායම සාමාන්‍යයෙන් කොමිස් මුදල මත රඳා පවතින අතර, වැටුපක් ගෙවන සාමාන්‍ය කාර්යාල රැකියාවකට වඩා කොමිස් ගෙවන අලෙවිකරුවන් පිරිසක් සමඟක්‍ෂේත්‍රයට පිටත්ව යාමට ඔබට සිදුවේ. ඔබේ කාර්ය මණ්ඩලයට පුහුණුවේ සිට අනාගත ගනුදෙනුකරුවන් සොයා ගැනීම දක්වා ආධාර කිරීම දක්වා විශාල අවධානයක් අවශ්‍ය වනු ඇත, නමුත් ඔබේ ප්‍රධානම හා වැදගත්ම කාරණය වනුයේ ඔබේ කණ්ඩායමේ අභිපේරණය හොඳින් පවත්වා ගැනීම සහ ක්‍ෂේත්‍ර ක්‍රියාකාරකම් කරවීමයි. ඔවුන්ගේ අවධානය නැති වූ විට ඔවුන් පෙළඹවීමයි, එමඟින් නොකඩවා විකුණුම් අවස්ථාවන් ලඟා කර ගැනීමට සහ අනෙකුත් ව්‍යාපාර ඉලක්ක සපුරා ගැනීමට ඉඩ සලසයි.
නායකවරුනි,
Team Management පිළිබඳව ගොඩක් දේවල් තිබෙනවා ඉගෙන ගැනීමට. Training program කරන එක තමා වඩාත් සුදුසු. ඔබගේ ආයතනයේ පුහුණු අංශවල සහයෝගය අරගෙන කණ්ඩායම් නායකයන් පුහුණු කරන්න.
Dampriya Gunawardena
